Women’s T20 Asia Cup : බංග්ලාදේශය පළමු ජය ලබයි

Date:

2024 කාන්තා T20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයෙන් තායිලන්තය පරදා කඩුලු හතක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අද(22) සමත් වුණා.

දඹුල්ලේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් තායිලන්ත ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 96 ක්.

Nattaya Boochatham ලකුණු 40 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Rabeya Khan ලකුණු 14 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය ඉනිම නිමා වීමට පන්දු 15 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Murshida Khatun ලකුණු 50 ක් ලබා ගනිමින් බංග්ලාදේශ හඹා යාම ශක්තිමත් කළා.

බංග්ලාදේශය මෙවර තරගාවලිය යටතේ මීට පෙර ක්‍රීඩා කළ තරගයෙන් ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත් වුණා.

මේ අතර, තරගාවලිය යටතේ අද පැවැති අනෙක් තරගයෙන් මැලේසියාව පරදා ලකුණු 144 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව තවදුරටත් බී කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...