SL v IND : 4 දෙනෙකු ඉවතට ; 5 දෙනෙකු ශ්‍රී ලංකා T20 සංචිතයට කැදවයි

Date:

වෙනස්කම් කිහිපයක් සමග ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය නම් කර ඇති බවට වාර්තා වන්නේ යැයි Sunday Times පුවත්පත වාර්තා කර තිබෙනවා.

ඒ අනුව මෙවර LPL තරගවාලියේ දී ඉහළ දක්ෂතා දැක් වූ බිනුර ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු හා කුසල් ජනිත් පෙරේරා යළි සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

නවක ක්‍රීඩක චමිදු වික්‍රමසිංහ ද 2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක් වූ බැවින් ඔහු ද සංචිතය සදහා නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

නිමා වූ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා වූ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ඩිල්ෂාන් මදුෂංක, ඇන්ජෙලෝ මැතිව්ස්, සධීර සමරවික්‍රම හා ධනංජය ද සිල්වාට සංචිතයේ ස්ථාන අහිමි වී ඇති බව සදහන්.

වනිදු හසරංග නායකත්වයෙන් ඉල්ලා අස් වීමෙන් පසුව නව නායකයා ලෙස චරිත් අසලංක නම් කරමිනුයි ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය නම් කර ඇත්තේ.

ඉන්දු – ශ්‍රී ලංකා විස්සයි 20 තරග තුන එළඹෙන 27, 28 හා 30 යන දිනයන්හී දී පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද, එක්දින තරග තුන අගෝස්තු 2, 4 හා 7 යන දිනයන්හී දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතයි.

Sri Lanka’s probable squad:

Charith Asalanka (C), Pathum Nissanka, Kusal Mends, Kusal Janith Perera, Kamindu Mendis, Dasun Shanaka, Dinesh Chandimal, Wanindu Hasaranga, Maheesh Theekshana, Matheesha Pathirana, Dushmantha Chameera, Avishka Fernando, Chamindu Wickremasinghe, Dunith Wellalage, Nuwan Thushara, Binura Fernando

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...