මෙන්ඩිස්ගේ ශතකයත්, ඇලන්ගේ හා වියස්කාන්ත්ගේ කඩුලු හතත් හමුවේ කිංග්ස් 4 වැනි වරටත් අවසන් තරගයට

Date:

කුසල් මෙන්ඩිස් නොදැවී වාර්තා කළ ශතකය හා ෆේබියන් ඇලන් මෙන්ම විජයකාන්ත් වියස්කාන්ත් පන්දු යැවීමෙන් දැක් වූ දක්ෂතා හමුවේ 2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පරදා එක් ලකුණක තියුණු ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද(20) සමත් වුණා.

ජැෆ්නා කණ්ඩායම LPL තරගාවලියක අවසන් මහා තරගයක් සදහා සුදුසුකම් ලැබූ සිව්වැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ෆැල්කන්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7 ක් දැවී ලකුණු 187 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ෆැල්කන්ස් කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 186 ක් පමණයි.

අන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු 38(21) ක්, කමිදු මෙන්ඩිස් ලකුණු 32(23) ක් හා මොහමඩ් හැරිස් ලකුණූ 26(20) ක් රැස් කළා.

ඉනිමේ 8 වැනි කඩුල්ල ලකුණු 144 දී දැවී යන විට ඔවුන්ට ජයග්‍රහනය සදහා පන්දු 21 කින් ලකුණු 44 ක් අවශ්‍ය වුණා. නමුත් උත්සාහය අත් නොහැරූ රමේෂ් මෙන්ඩිස් හා පවන් රත්නායක 9 වැනි කඩුල්ලට ලකුණු 42* (16) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් සිය කණ්ඩායම ජයග්‍රහනය ආසන්නයටම රැගෙන යාමට සමත් වූ නමුත්, අවසන් පන්දුවේ දී තරගය ජය ගැනීමට අවශ්‍ය වූ ලකුණු 4 ලබා ගැනීමට ඔවුන්ට නොහැකි වුණා.

රමේෂ් මෙන්ඩිස් නොදැවී ලකුණු 30(11) ක් හා පවන් රත්නායක නොදැවී ලකුණු 11(5) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ෆේබියන් ඇලන් කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 24 ක් ලබා දෙමින්. විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 30 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළේ මෙම තරගාවලිය පුරා එක් අර්ධ ශතකයක් හෝ රැස් කිරීමට නොහැකිව සිටි කුසල් මෙන්ඩිස්. ඔහු අද තරගයේ දී නොදැවී ලකුණු 105 ක් රැස් කළේ පන්දු 54 කින්. හයේ පහර 5 ක් හා හතරේ පහර 12 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 26(13) යි. පන්දු යැවීමේ දී චතුරංග ද සිල්වා, මොහමඩ් හස්නයින් හා රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

අවසන් පන්දුවාරයේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...