Women’s T20 Asia Cup : බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාවෙන් ජයග්‍රාහී ආරම්භයක්

Date:

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද(20) හැකි වුණා.

ඒ, තරගාවලියේ 4 වැනි තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු හතක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 8ක් දැවී ලකුණු 111 ක් ලබා ගනිමින්.

ඉනිමේ තෙවැනි කඩුල්ල ලකුණු හයේදීත්, සිව්වැනි කඩුල්ල ලකුණු 17 දීත් දැවී ගියා.

නායිකා Nigar Sultana නොදැවී ලකුණු 48(59) ක් ලබා ගනිමින් බංග්ලාදේශ කණ්ඩායම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා. Shorna Akter ලකුණු 25 යි.

පන්දු යැවීමේ දී උදේශිකා ප්‍රබෝධනී හා ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 2 බැගින් බිද හෙලුවා. සුගන්දිකා කුමාරි, කවීෂා දිල්හාරි හා චමරි අතපත්තු අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17.1 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායිකා චමරි අතපත්තු ලකුණු 12 කට දැවී ගියා. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ විශ්මි ගුණරත්න ලකුණු 51 ක් ලබා ගත්තේ පන්දු 48 කින්. ඒ, හයේ පහරක් හා හතරේ පහර 7ක් සමගින්. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 33(31) යි.

පන්දු යැවීමේ දී Nahida Akter ලකුණු 12 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...