Watch : ක්‍රීඩාගාරයේ වහලයකට හානි සිදු කරමින් ශමාර් ජෝසප්ගෙන් හයේ පහරක්

Date:

එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(20).

නොටින්හැම් හී දී පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 5 ක් දැවී ලකුණු 351 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 457 ක්.

කවෙම් හොඩ්ජ් ලකුණු 120 ක් රැස් කළ අතර, Alick Athanaze ලකුණු 82 කට දැවී ගියා. ජොෂුවා ද සිල්වා නොදැවී ලකුණු 82 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් කඩුලු 4 ක් දවා ගත් අතර, ගස් ඇට්කින්සන් හා ශොයිබ් බෂීර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

අද දිනයේ දී කොදෙව් අවසන් කඩුල්ල ලෙස පිටියට පිවිසි ශමාර් ජෝසප් ලකුණු 33 ක් රැස් කිරීම ද කැපී පෙනුණා. ඔහු හා ජොෂුවා අතර 10 වැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 71 (78) ක්.

ශමාර් ජෝසප් විසින් එල්ල කළ දැවැන්ත හයේ පහරක් හේතුවෙන් ක්‍රීඩාගාරයේ වහලයකට හානි සිදු වන ආකාරය ද දැක ගත හැකි වුණා. (දර්ශන කිහිපයක් පහතින්)

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 416 ක්. ඒ අනුව කොදෙව්වන් පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 41 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...