Women’s T20 Asia Cup : කණ්ඩායම් 3 ක් අද දිවයිනට ; තරග නරඹන්න නොමිලේ අවස්ථාව

Date:

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන තවත් රටවල් 3 ක් අද(16) දිනයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

තරගාවලිය ජූලි 19 වැනිදා සිට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ රටවල් 8ක සහභාගීත්වයෙන්.

තරගාවලියට ක්‍රීඩා කරන මැලේසියාව, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා තායිලන්තය යන රටවල් මේ වන විටත් මෙරටට පැමිණ ඇති අතර, පාකිස්තානය, බංග්ලාදේශය හා ඉන්දියාව යන කණ්ඩායම් අගහරුවාදා දිනයේ දී දිවයිනට පැමිණීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරගය ජූලි 19 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය කාන්තා කණ්ඩායම හා නේපාල කාන්තා කණ්ඩායම අතර පස්වරු 2:00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එදිනම රාත්‍රී 7:00 ට ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ද පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය පැවැත්වෙන්නේ එළඹෙන 20 වැනිදා රාත්‍රී 7:00 ටයි.

තරගාවලියේ දී ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා නේපාලය යන රටවල් A කාණ්ඩය යටතේ ද, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව හා තායිලන්තය B කාණ්ඩය යටතේ ද තරග වැදීමට නියමිතව තිබෙනවා. තරගාවලියට ඇතුළත් සමස්ථ තරග සංඛ්‍යාව 15 ක්.

මේ අතර, ප්‍රේක්ෂකයින්ට තරගාවලියේ සියලු තරග නැරඹීම සදහා නොමිලේ අවස්ථාව ලබා දීමට ද තරගාවලියේ සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...