ශ්‍රී ලංකාවේ පවත්වන ICC වාර්ෂික සමුළුව ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) වාර්ෂික සමුළුව ලබන 19 වැනිදා සිට 22 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(15) තහවුරු කළා.

ලොව පුරා එනම්, අප්‍රිකාව, ඇමෙරිකාව, ආසියාව, නැගෙනහිර ආසියා පැසිෆික් හා යුරෝපය යන කලාප නියෝජනය කරන අයි.සී.සී සාමාජිකත්වය සහිත රටවල් 108 ක නියෝජිතයින් 220 දෙනෙකුට වඩා වැඩි පිරිසක් මෙම සමුළුව සදහා එක්වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ලොව පුරා සිටින ක්‍රිකට් පරිපාලකයින්ගේ සහ පාර්ශවකරුවන්ගේ උසස්ම රැස්වීම වන ICC වාර්ෂික සමුළුව ක්‍රීඩාවේ උපාය මාර්ගික දිශානතිය, පාලනය සහ ලොව පුරා ක්‍රිකට් සංවර්ධනය පිළිබඳ සාකච්ඡා සිදු කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කරනු ලබනවා.

“ඔලිම්පික් අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම” යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වෙන බව සදහන්.

වාර්ෂික සමුළුවට ප්‍රධාන රැස්වීම් කිහිපයක් මෙන්ම වැඩමුළු ද පැවැත්වීමට නියමිතව ඇති අතර, ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් වැදගත් තීරණ රැසක් ද මෙහිදී ගැනීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...