සික්සර්ස් පරදා ෆැල්කන්ස් පිල අවසන් වටයේ බලාපොරොත්තු රදවා ගනියි

Date:

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගයෙන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම පරදා ලකුණු 54 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ සිය බලාපොරොත්තු තවදුරටත් ආරක්ෂා කර ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අද(15) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 222 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 168 ක් පමණයි.

කුසල් පෙරේරා පන්දු 40 කින් ලකුණු 74 ක් ලබා ගත්තේ හයේ පහර හා හතරේ පහර 5 බැගින් එල්ල කරමින්. මාර්ක් චැප්මන් ලකුණු 24 ක් හා චමිදු වික්‍රමසිංහ ලකුණු 18 ක් ලබා ගත් අතර, සොනාල් දිනූෂ හා දුෂාන් හේමන්ත ලකුණු 17 බැගින් ලබා සිටියදී දැවී ගියා.

පන්දු යැවීමේ දී වනිදු හසරංග කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 35 ක් ලබා දෙමින්. දසුන් ශානක ලකුණු 29 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් මහනුවර පිල වෙනුවෙන් අන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු 60 ක් රැස් කළේ පන්දු 34 ක් පමණක් වැය කරමින්. හයේ පහර 7ක් හා හතරේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

කමිදු මෙන්ඩිස් පන්දු 24 කින් නොදැවී ලකුණු 51 ක් රැස් කළ අතර, ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු 23 කින් නොදැවී ලකුණු 44 ක් ලබා ගත්තා. මැතිව්ස්ගේ ඉනිමට හයේ පහර 5 ක් ඇතුළත් වුණා. වනිදු හසරංග ලකුණු 25 කටත්, මොහමඩ් හැරිස් ලකුණු 24 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී දුෂාන් හේමන්ත ලකුණු 14 ක් පමණක් ලබා දෙමින් කඩුලු 3 ක් දවා ගත්තා.

මේ වන විට ෆැල්කන්ස් කණ්ඩායම පළමු වටය යටතේ තමන් ක්‍රීඩා කරන තරග අටම ක්‍රීඩා කර අවසන්ව ඇති අතර, ඔවුන් ප්‍රසාද ලකුණු 6ක් සමග ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ රැදී සිටිනවා.

තරග 7ක් ක්‍රීඩා කර ප්‍රසාද ලකුණු 4 ක් හිමි කර ගෙන සිටින දඹුල්ල පිල අවසන් ස්ථානයේ පසුවන අතර, තරග 6 කින් ප්‍රසාද ලකුණු 6 ක් හිමිව ඇති කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම රැදී සිටින්නේ තෙවැනි ස්ථානයේයි.

ප්‍රසාද ලකුණු 10 බැගින් හිමි කර ගෙන සිටින ගෝල් මාර්වල්ස් හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් පිළිවෙලින් පළමු හා දෙවැනි ස්ථානවල රැදී සිටිනවා. එම කණ්ඩායම් දෙකම මේ වන විට අවසන් වටයට සුදුසුකම් ලබා අවසන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...