කඩුලු 10 ක ජයක් සමග ඉන්දියාව තරගාවලියේ ජය තහවුරු කර ගනියි

Date:

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති සිව්වැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරග 5 කින් යුත් විස්සයි 20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට (3-1) සංචාරක ඉන්දීය කණ්ඩායම අද(13) සමත් වුණා.

හරාරේ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 152 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 15.2 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

යශස්වි ජයිස්වාල් පන්දු 53 කින් නොදැවී ලකුණු 93 ක් රැස් කළේ හයේ පහර 2 ක් හා හතරේ පහර 13 ක් සමගින්. නායක ෂුබ්මන් ගිල් පන්දු 39 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 58 ක්. හයේ පහර 2ක් හා හතරේ පහර 6 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ ඉනිම වෙනුවෙන් නායක සිකන්ඩ රාසා පන්දු 28 කින් ලකුණු 46 ක් රැස් කළා. Tadiwanashe Marumani ලකුණු 32 කටත්, Wessly Madhevere ලකුණු 25 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී කලීල් අහ්මඩ් කඩුලු 2 ක් දවා ගත් අතර, තුෂාර් දේශ්පන්ඩේ, වොෂින්ටන් සුන්දර්, අභිෂේක් ෂර්මා හා ශිවම් ඩූබේ කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...