Watch : ප්‍රේක්ෂකයින් ඉදිරියේ එක හුස්මට බියර් වීදුරුවක් පානය කළ ඇන්ඩර්සන්

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් අද(12) සිය වසර 21 ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දුන්නා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති ‌පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් එංගලන්තය ඉනිමක හා ලකුණු 114 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමත් සමගයි.

මෙම තරගයේ දී කඩුලු 4 ක් දවා ගැනීමට ඇන්ඩර්සන් සමත් වූ අතර, ඒ අනුව ඔහු සිය ටෙස්ට් දිවිය නිමා කළේ තරග 188 කදී කඩුලු 704 ක් දවා ගනිමින්.

ඔහු ටෙස්ට් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභින් අතර තෙවැනි ස්ථානය හිමි කර ගනිමින් ක්‍රිකට් පිටියෙන් සමු ගත් අතර, වැඩිම කඩුලුලාභින් අතර දෙවැනි ස්ථානයට පත් වීමට ඔහුට තවත් අවශ්‍යව තිබුණේ කඩුලු 4 ක් පමණයි.

තරගයෙන් අනතුරුව ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයට පැමිණ සිටි දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ට ස්තූතිය පල කිරීමට ද ඇන්ඩර්සන් අමතක කළේ නැහැ.

තරගය නිමා වීමෙන් පසුව ඔහු බියර් වීදුරුවක් සහිතව ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ බැල්කනිය වෙත පැමිණි අතර, එම අවස්ථාව වන විට අති විශාල ප්‍රේක්ෂක පිරිසක් ක්‍රීඩාංගනය ‌මැදට එක්රැස්ව සිටියා.

අනතුරුව බියර් වීදුරුව එක හුස්මට පානය කළ ඇන්ඩර්සන් පැමිණ සිටි ප්‍රේක්ෂකයින්ට ආචාර කරමින් එම ස්ථානයෙන් පිටව ගියේ සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසානයට අමතක නොවන මතකයක් ඉතිරි කරමින්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...