ඇන්ඩර්සන්ගේ යුගය නිම වෙයි ; පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ඉනිමක දැවැන්ත ජයක්

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 114 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම අද(12) සමත් වුණා.

ජේම්ස් ඇන්ඩර්සන් ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය වූ මෙම තරගයේ තෙවැනි දිනය වූ අද දිනය සදහා තරගය ආරම්භ කරන විට සිය ‌දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 79 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 136 ක් පමණයි.

Alick Athanaze ලකුණු 22 ක් හා ජේසන් හෝල්ඩර් ලකුණු 20 ක් ලබා සිටියදී දැවී ගියා.

පන්දු යැවීමේ දී ඇන්ඩර්සන් ලකුණු 32 කට කඩුලු 3 ක් දවා ගනිමින් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය නිමා කළා. තවත් දින කිහිපයකින් 42 වන වියට පා තබන ඔහු ටෙස්ට් තරග 188 කදී දවා ගත් කඩුලු ගණන 704 ක්. ඒ අනුව ඔහු ටෙස්ට් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභින් අතර තෙවැනි ස්ථානය හිමි කර ගනිමින් ක්‍රිකට් පිටියෙන් සමු ගත් අතර, වැඩිම කඩුලුලාභින් අතර දෙවැනි ස්ථානයට පත් වීමට ඔහුට තවත් අවශ්‍යව තිබුණේ කඩුලු 4 ක් පමණයි.

ගස් ඇට්කින්සන් කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 61 ක් ලබා දෙමින්. ඇට්කින්සන් මෙම තරගයේ දී බිද හෙලූ සමස්ත කඩුලු ගණන 12 ක්.

මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ වේග පන්දු යවන ක්‍රීඩක ගස් ඇට්කින්සන් කොදෙව් පළමු ඉනිමේ දී ලකුණු 45 කට කඩුලු 7 ක් දවා ගනිමින් අනර්ඝ පන්දු යැවීමක නිරත වූ අතර, ඔහුගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව් පළමු ඉනිම ලකුණු 121 කට සීමා වුණා.

පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 371 ක් රැස් කළා. සැක් ක්‍රව්ලි ලකුණු 76 ක්, ජෙමී ස්මිත් ලකුණු 70 ක් හා ‌ජෝ රූට් ලකුණු 68 ක් රැස් කළා. ඔලී පෝප් හා හැරී බෲක් ද අර්ධ ශතක වාර්තා කරමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී කොදෙව්වන් වෙනුවෙන් ජෙයිඩ්න් සීල්ස් ලකුණු 77 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ජේසන් හෝල්ඩර් හා ගුඩකේෂ් මෝති කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...