මාස ගණනාවක් පැවැති උත්සවවලින් පසු අම්බානිගේ බාල පුතාගේ විවාහ මංගල්‍යය අද මුම්බායිහීදී

Date:

මාස ගණනක් පුරා ලොව පුරා පැවැති අති උත්කර්ෂවත් උත්සවවලින් අනතුරුව ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ පුත්‍රයා වන Anant Ambani ගේ විවාහ මංගල උත්සවය අද(12 වැනි සිකුරාදා) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Anant Ambani හා Radhika Merchant ගේ විවාහ මංගල උත්සවය දින 4ක් පුරා මුම්බායි හී දී පැවැත්වීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. අද දිනයේ දී මෙම යුවළ සාම්ප්‍රදායික හින්දු චාරිත්‍රානුකූලව විවාහ වීමට නියමිතයි.

Reliance Industries හි ප්‍රධානියා වන මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන Anant Ambani ගේ විවාහය වෙනුවෙන් මාර්තු මාසයේ සිට උත්සව මාලාවක් පැවැත්වූ අතර, එම උත්සව මාලාව ලබන සදුදා දිනයෙන් අවසන් වනු ඇති.

ජනප්‍රිය ගායන ශිල්පීන් වන Rihanna හා Justin Bieber ද මීට පෙර පැවැති උත්සව වර්ණවත් කිරීම සදහා එක්ව සිටියා. මාර්තු මාසයේ ගුජරාට් හි පැවැති උත්සවයට මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් හා ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ද පැමිණ සිටි අතර, ජාත්‍යන්තර ප්‍රභූවරුන් රැසක් ද එම උත්සව වෙනුවෙන් එක් වුණා.

මෙම සති අන්තය පුරා උත්සව කිහිපයක් පැවැත්වීමට නියමිතව ඇති අතර, සදුදා දිනයේ දී ඔවුන්ගේ ගෘහ කාර්ය මණ්ඩලය සදහා උත්සවයක් පවත්වමින් මෙම විවාහ උත්සවමාලාව අවසන් කරනු ඇති.

හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරුන් වන බොරිස් ජොන්සන් හා ටෝනි ‌බ්ලෙයාර් ඇතුළු විදෙස් දේශපාලනඥයින් මෙන්ම අමිතබ් බක්චන්, ප්‍රියන්කා චොප්රා, අයිශ්වර්යා රායි ඇතුළු බොලිවුඩ් නලු නිළියන් ද විවාහ මංගල උත්සවයට සහභාගී වීමට නියමිතව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එමෙන්ම ඇමරිකානු මල්ලවපොර ක්‍රීඩකයෙකු ලෙස අතිශය ජනප්‍රිය ජෝන් සීනා ද විවාහ උත්සවය වෙනුවෙන් මේ වන විට මුම්බායි නුවරට ළගා වී තිබෙනවා. (දර්ශන පහතින්)

විදෙස් සහ ඉන්දියානු ප්‍රභූවරුන් රැසක් සහභාගී වන බැවින් මුම්බායි පොලිසිය විසින් මෙම විවාහ මංගල උත්සවය “පොදු උත්සවයක්” ලෙස නම් කර ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව සිකුරාදා දිනයේ සිට සදුදා දිනය දක්වා පස්වරු 1 සිට මධ්‍යම රාත්‍රිය වනතුරු විවාහ උත්සවය පැවැත්වෙන සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය (Jio World Convention Centre) අවට මාර්ග විවෘත වන්නේ උත්සවයට සහභාගී වීමට පැමිණෙන රථ වාහන සදහා පමණයි.

උත්සවයට ආරාධිතයින් රැගෙන යාම වෙනුවෙන් අම්බානි පවුල විසින් Falcon-2000 වර්ගයේ ජෙට් යානා තුනක් කුලියට ගෙන ඇති බව ද සදහන්.

කෙසේ වෙතත්, මෙලෙස ධනය ප්‍රදර්ශනය කරමින් නොනවත්වා සිදු කරන උත්සව සම්බන්ධයෙන් මෙන්ම ඒ ‌හේතුවෙන් ඇතිවන මාර්ග තදබදයන් සම්බන්ධයෙන් ඉන්දීය ජනතාව අතර දැඩි අප්‍රසාදයක් ද පලව ඇති බවයි වාර්තා වන්නේ.

ඇමෙරිකානු ඩොලර් බිලියන 115 ක වත්කමකට හිමිකම් කියන මුකේෂ් අම්බානි මේ වන විට ‌ලොව ධනවත්ම පුද්ගලයින් අතර 10 වැනි ස්ථානයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...