Euro 2024: 90 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ ගෝලයෙන් එංගලන්තය අවසන් මහා තරගයට

Date:

ජර්මනියේ පැවැත්වෙන යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ‌නෙදර්ලන්තය පරදා ගෝල 2-1 ක් ලෙස ජය වාර්තා කරමින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම මෙරට වේලාවෙන් අද(11) අලුයම සමත් වුණා.

තරගයේ පළමු අර්ධය නිමා වන විට කණ්ඩායම් දෙකම එක් ගෝලය බැගින් ලබා සම මට්ටමේ පසු වුණා.

තරගයේ වාර්තා වූ පළමු ගෝලය 7 වැනි මිනිත්තුවේ දී නෙදර්ලන්තයේ Xavi Simons විසින් වාර්තා කළා. අනතුරුව 18 වැනි මිනිත්තුවේ දී දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් Harry Kane විසින් එංගලන්තය වෙනුවෙන් මෙම තරගයේ දී වාර්තා වූ පළමු ගෝලය රැස් කිරීමට සමත් වුණා.

තරගය අතිරේක කාලය දක්වා යනු ඇති බවට බොහෝ දෙනා විශ්වාස කළ නමුත්, 90 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Ollie Watkins විසින් එංගලන්තයට ජයග්‍රාහී ගෝලය රැස් කර දීමට සමත් වීම කැපී පෙනුණා. (දර්ශන පහතින්)

ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගය එංගලන්තය හා ස්පාඤ්ඤය අතර මෙරට වේලාවෙන් සදුදා අලුයම 12.30ට ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...