බිනුර ප්‍රනාන්දුට හා වනිදු හසරංගට වැඩ වරදියි – ක්‍රිකට් ආයතනයෙන් මාධ්‍ය නිවේදනයක්

Date:

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිදු හසරංගට හා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට එරෙහිව දඩ පැනවීමක් සිදු කිරීමට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

පසුගිය දෙවැනිදා එම කණ්ඩායම් දෙක අතර පැවැති තරගයේ දී එම ක්‍රීඩකයින් දෙදෙනා විසින් විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙලෙස දඩ පනවා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(8) නිවේදනය කළේ.

ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව බිනුර ප්‍රනාන්දු විසින් විනිසුරුවරුන්ගේ උපදෙස්වලට අවනත නොවී LPL ක්‍රීඩක විනය නීති සංග්‍රහයේ 2.4 වගන්තිය උල්ලංඝනය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කළ පරීක්ෂණයේ දී අදාළ වරද ඔහු විසින් පිළිගෙන ඇති බව ද ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

මෙම වරද වෙනුවෙන් ඔහුට තරග ගාස්තුවෙන් 20% ක දඩ මුදලක් පනවා ඇති අතර, දඩුවම් ලකුණක් ද පැනවීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර, අදාළ තරගයේ දී ම බිනුර විසින් LPL ඇඳුම් පැළඳුම් සහ උපකරණ රෙගුලාසි උල්ලංඝනය කිරීම නිසා ඔහුට තරග ගාස්තුවෙන් තවත් 25% ක දඩ මුදලක් පනවා තිබෙනවා.

මේ අතර, ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිදු හසරංගට තරග ගාස්තුවෙන් 25% ක දඩ පැනවීමක් සිදු කිරීමට ද තරගාවලියේ සංවිධායකයින් පියවර ගෙන ඇත්තේ අදාළ තරගයේ දී ම LPL ඇඳුම් පැළඳුම් සහ උපකරණ රෙගුලාසි උල්ලංඝනය කිරීමේ වරද හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...