Watch : දඹුල්ල ජය මැද ග්ලේන් පිලිප්ස් ප්‍රදර්ශනය කළ ඇදහිය නොහැකි සුපිරි පන්දු රැකීම

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගයෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරදා කඩුලු අටක ජයක් වාර්තා කිරීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අද(7) සමත් වුණා. මෙය මෙවර තරග වාරයේ දී දඹුල්ල ලැබූ පළමු ජයග්‍රහනයයි.

දඹුල්ලේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 185 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 13 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

දඹුල්ල ඉනිමේ ආරම්භක කඩුල්ල සදහා කුසල් පෙරේරා හා රීසා හෙන්ඩ්‍රික්ස් පන්දුවාර 14.4 ක් තුළ ලකුණු 154 ක අගනා සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත් වුණා.

කුසල් ලකුණු 80 ක් රැස් කළේ පන්දු 50 කින්. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහර 8 ක් සමගින්. හයේ පහර 3 ක් හා හතරේ පහර 4 ක් සමගින් හෙන්ඩ්‍රික්ස් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 54(39) ක්.

මාර්ක් චැප්මන් නොදැවී ලකුණු 23(10) ක් හා ලහිරු උදාර නොදැවී ලකුණු 11(8) ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

දඹුල්ල ඉනිම අතරතුර දී ග්ලේන් පිලිප්ස් විසින් අති විශිෂ්ඨ අන්දමේ පන්දු රැකීමක් ප්‍රදර්ශනය කරමින් හයේ පහරක් වළක්වා ගැනීමට සමත් වීම ද කැපී පෙනුණා. (දර්ශන පහතින්)

පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ් ලකුණු 45 කට කඩුලු දෙකක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ පිල වෙනුවෙන් ග්ලේන් පිලිප්ස් ලකුණු 52(36) ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් හා මොහමඩ් නබී කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මේ අතර, තරගාවලියේ 9 වැනි තරගය ද අද පැවැති අතර, එම තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම (175/7) පරදා කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට ගෝල් මාර්වල්ස් කණ්ඩායම (176/4 [17.1] ) සමත් වුණා.

මහනුවර කණ්ඩායම වෙනුවෙන් වනිදු හසරංග ලකුණු 65(32) ක් නොදැවී ලබා ගත් අතර, පන්දු යැවීමේ දී ගාල්ල වෙනුවෙන් ඉසුරු උදාන ලකුණු 30 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ගාලු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ පන්දු 49 කින් නොදැවී ලකුණු 82 ක් රැස් කළ ටිම් සෙයිෆර්ට්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...