ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ධූරය සනත්ට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා කටයුතු කිරීමට නියමිතව ඇති බව Sunday Times පුවත්පත වාර්තා කර තිබෙනවා.

ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් නිමා වූ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව සිය ධූරයෙන් ඉවත් වූ අතර, අනතුරුව නව ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කිරීමට මෙතෙක් කටයුතු කර නැහැ.

එම කටයුතු තවදුරටත් සිදු වෙමින් පවතින බැවින් එළඹෙන ඉන්දීය හා එංගලන්ත තරගාවලි වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු ද වන හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකයෙකු ලෙස පසුගිය දෙසැම්බර් මාසයේ දී පත් කෙරුණා.

වසරක කාලයක් සදහා බලපැවැත්වෙන පරිදි එම පත් කිරීම සිදු කළ අතර, නිමා වූ පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සමග ද ඔහු උපදේශකයෙකු ලෙස රැදී සිටියා.

මීට පෙර සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයට එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3ක් ඇතුළත් අතර, අනතුරුව සිදු කරන එංගලන්ත තරග සංචාරයේ දී ටෙස්ට් තරග තුනක් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...