ඇෆ්ඝනිස්තානය සමග අපි ක්‍රීඩා කරන්නේ නැහැ – ඔස්ට්‍රේලියාව යළි අවධාරණය කරයි

Date:

තම කණ්ඩායම ඇෆ්ඝනිස්තානය සමග ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලි ඉදිරියටත් ක්‍රීඩා නොකරන බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය යළි අවධාරණය කර තිබෙනවා.

ඒ, කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් තලේබාන් පාලනය දරනු ලබන ස්ථාවරය හේතුවෙන්.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී Nick Hockley සදහන් කළේ මේ සම්බන්ධයෙන් ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය සමග නිරතුරුවම සාකච්ඡා සිදු කරන බවයි.

ඒ අනුව අනාගතයේ යම් දිනක කණ්ඩායම් දෙක අතර ද්විපාර්ශ්වික තරගාවලි පැවැත්වීමට හැකි වනු ඇති බවට ඔහු අපේක්ෂාවෙන් පසුවනවා.

කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා ඇෆ්ඝනිස්තානයේ පවතින මානව හිමිකම්වල කැපී පෙනෙන පිරිහීම හේතුවෙන් ඇෆ්ඝනිස්තානය සමග ද්විපාර්ශ්වික තරගාවලි තුනක් ක්‍රීඩා කිරීමෙන් ඉවත් වීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පසුගිය කාලයේ දී තීරණය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...