“පසුගිය මාස තුනේ මම ඉන්දියාවේ හිටියේ. ඒක ගොඩක් උදව් වුණා” : චමිදු වික්‍රමසිංහ

Date:

වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් රට ජයග්‍රහනය කරා රැගෙන යාම සිය අරමුණ බව දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චමිදු වික්‍රමසිංහ පවසනවා.

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම හමුවේ කඩුලු හයක පරාජයක් ලැබීමෙන් පසුව මධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා. තරගයෙන් පරාජයට පත් වුවද, මෙම තරගයේ දී චමිදු වික්‍රමසිංහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් දියත් කිරීමට සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 25 ක් තුළ බිද වැටුණු පසුබිමක මාර්ක් චැප්මන් හා චමිදු වික්‍රමසිංහ 5 වැනි කඩුල්ල සදහා පන්දු 99 කින් ලකුණු 154 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නැගුවේ සිය කණ්ඩායම ලකුණු 179 ක් දක්වා රැගෙන යමින්.

සික්සර්ස් කණ්ඩායම වෙනුවෙන් මෙම තරගයට ක්‍රීඩා කළ වයස අවුරුදු 23 න් පහළ ක්‍රීඩකයා වූ චමිදු පන්දු 42 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 62 ක්. ඒ, හයේ පහර 3 ක් හා හතරේ පහර 4 ක් සමගින්. මෙය ඔහු ක්‍රීඩා කළ තෙවැනි LPL තරගයයි.

“මම 2022 සෙල්ලම් කරා. (දඹුල්ල වෙනුවෙන්) මැච් දෙකයි සෙල්ලම් කරේ. නමුත්, හරියට දක්ෂතා දක්වන්න හම්බුණේ නැහැ. හැබැයි මේ අවුරුද්දේ ආයෙත් අවස්ථාවක් හම්බුණා. මම හිතනවා ඒකෙන් මම පළවෙනි මැච් එකේ උපරිම කරා කියලා කණ්ඩායමට. ගොඩක් සතුටුයි.” යනුවෙන් චමිදු වික්‍රමසිංහ සදහන් කළා.

“ඇත්තටම මෙතෙන්ට එන්න ගොඩක් මහන්සි වුණා. පසුගිය මාස තුනේ මම ඉන්දියාවේ හිටියේ. MRF pace foundation එකේ. ඒකේ ගොඩක් වැඩ කරා. ගොඩක් දේවල් ලැබුණා කියලා හිතනවා ඒකෙන්. ඒක ගොඩක් උදව් වුණා ‌මේ මැච් එකේ හොදට දක්ෂතා දක්වන්න.”

“ඇත්තටම දැනට තියෙන තත්ත්වයත් එක්ක වේග පන්දු තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ඔනේ. මම ඒකට ගොඩක් මහන්සි වෙනවා ඒ ස්ථානයේ ක්‍රීඩා කරන්න. සෙල්ලම් කරලා රට දිනවන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...