විරාත් කෝලි T20 ජාත්‍යන්තර පිටියට සමු දෙයි

Date:

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ජාත්‍යන්තර විස්සයි 20 ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් දකුණු අප්‍රිකාව පරදා ඉන්දියාව ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කිරීමෙන් පසුවයි ඔහු ඒ බව නිවේදනය කළේ.

අවසන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ විරාත් කෝලි පන්දු 59 කින් ලකුණු 76 ක් ලබා ගනිමින් ඉන්දීය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා.

තරගයෙන් අනතුරුව තරගයේ වීරයා සම්මානය ලබා ගැනීමෙන් පසුව අදහස් දක්වමින් කෝලි විස්සයි 20 පිටියට සමු ගැනීමේ සිය තීරණය ප්‍රකාශ කළා.

ඒ අනුව අද අවසන් වූ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය කෝලි ක්‍රීඩා කළ අවසන් විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ද වනවා.

2010 වසරේ දී විස්සයි 20 ජාත්‍යන්තර වරම් දිනා ගත් කෝලි තරග 125 කදී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 4188 ක්. අර්ධ ශතක 38 ක් හා එක් ශතකයක් ඔහුගේ විස්සයි 20 ජාත්‍යන්තර දිවිය වර්ණවත් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...