එංගලන්තය පරදා ශ්‍රී ලංකා යොවුන් පිලට විශිෂ්ඨ ජයක්

Date:

එංගලන්ත යොවුන් කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 65 ක ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුණා.

Chelmsford හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 294 ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ශරුජන් ශන්මුගනාදන් (ලකුණු 57), මහිත් පෙරේරා (නොදැවී ලකුණු 58) හා දිනිරු අබේවික්‍රමසිංහ (ලකුණු 52) අර්ධ ශතක වාර්තා කළා. නායක දිනුර කලුපහන ලකුණු 49 යි.

පන්දු යැවීමේ දී Noah Cornwell ලකුණු 54 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 43.3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 229 ක් පමණයි.

Noah Thain ලකුණු 58 කටත්, Luc Benkenstein ලකුණු 51 කටත් දැවී ගියා. එංගලන්ත හිටපු ක්‍රීඩක ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්ගේ පුත්‍රයා වන රොකී ෆ්ලින්ටොෆ් ලකුණු 22 යි.

පන්දු යැවීමේ දී විහස් තෙව්මික කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 37 ක් ලබා දෙමින්. හිවින් කෙනුල, තිසර ඒකනායක හා ප්‍රවීන් මනීෂ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය මේ වන විට තරග 1-0 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...