රෝහිත්, කුල්දීප් හා අක්සාර්ගේ දක්ෂතා හමුවේ එංගලන්තය පරදා ඉන්දියාව අවසන් මහා තරගයට

Date:

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් එංගලන්තය පරදා ලකුණු 68 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

දෙවැනි අවසන් පූර්ව තරගය ගයානාහි Providence ක්‍රීඩාංගනයේ දී පැවැති අතර, කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 171 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 16.4 ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 103 ක් පමණයි.

එංගලන්තය වෙනුවෙන් හැරී බෲක් ලකුණු 25 ක්, ජොස් බට්ලර් ලකුණු 23 ක් හා ජොෆ්ර ආචර් ලකුණු 21 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී අක්සාර් පටෙල් හා කුල්දීප් යාදව් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව වෙනුවෙන් රෝහිත් ෂර්මා ලකුණු 57 ක් හා සූර්යකුමාර් යාදව් ලකුණු 47 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ක්‍රිස් ජෝර්ඩන් ලකුණු 37 කට කඩුලු 3 ක් දවා ගත්තා.

ඒ අනුව එළඹෙන 29 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකාව සමගින් ඉන්දියාව තරග වැදීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...