සිල්වර්වුඩ්ගේ ඉල්ලා අස්වීමෙන් පසු පත් වන නව පුහුණුකරු දේශීය පුහුණුකරුවෙක් ද?

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සිය ධූරයෙන් ඉල්ලා අස් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(27) නිවේදනය කළා.

2022 වසරේ අප්‍රේල් මාසයේ සිට එම ධූරයේ කටයුතු කළ ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ.

පසුගිය අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිස් සිල්වර්වුඩ්ගේ ධූර කාලය මේ දිනවල පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අවසන් වන තුරු දීර්ඝ කර තිබුණා.

ඔහුගේ ධූර කාලයේ දී ශ්‍රී ලංකාව 2022 වසරේ දී ආසියානු ශූරතාවය ද, 2023 වසරේ දී ආසියානු අනුශූරතාවය ද දිනා ගත්තා.

කෙසේ වෙතත්, 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට 9 වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදු වූ අතර, ඒ හේතුවෙන් 2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලිය ද ශ්‍රී ලංකාවට අහිමි වුණා.

එමෙන්ම මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ද සුපිරි 8 වටය සදහා හෝ සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ නැහැ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ESPNcricinfo වෙබ් අඩවිය වෙත සදහන් කර ඇත්තේ නව ප්‍රධාන පුහුණුකරුවෙකු බදවා ගැනීමේ කටයුතු ඉදිරියේ දී ආරම්භ කරන බවයි.

එමෙන්ම එම ධූරය සදහා දේශීය පුහුණුකරුවන් ද සලකා බලන බව හෙතෙම සදහන් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...