LPL තරගාවලියට Power Blast Overs නමින් අලුත් නීතියක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංවිධායකයින් විසින් තරගාවලිය සදහා නව නීතියක් හදුන්වා දී තිබෙනවා.

ඒ අනුව සෑම ඉනිමකම අවසන් පන්දුවාරවලදී තවත් පවර්ප්ලේ අවස්ථාවක් හදුන්වා දීමටයි පියවර ගෙන ඇත්තේ.

පන්දුවාර දෙකකින් යුත් මෙම පවර්ප්ලේ අවස්ථාව Power Blast Overs ලෙස නම් කර තිබෙනවා.

ඒ අනුව පවර්ප්ලේ අවස්ථාව ලෙස මෙතෙක් සැලකූ ඉනිමක පළමු පන්දුවාර 6 ට අමතරව, සෑම ඉනිමකම 16 වැනි හා 17 වැනි පන්දුවාර මෙලෙස Power Blast පන්දුවාර ලෙස නම් කර ඇති අතර, එම පන්දුවාර දෙකේදී යාර 30 සීමාවෙන් පිටත රැදවිය හැකි වන්නේ පන්දු රකින්නන් සිව් දෙනෙකු පමණයි.

LPL තරගාවලිය ජූලි පළමු වැනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, තරගාවලිය යටතේ දඹුල්ලේ දී පැවැත්වෙන තරග සදහා වන ප්‍රවේශ පත්‍ර අද සිට අලෙවි කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව Bookmyshow.com වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා වනවා.

මෙවර LPL තරගාවලිය යටතේ දඹුල්ලේ දී පැවැත්වෙන පළමු තරගය පැවැත්වෙන්නේ ජූලි 5 වැනිදායි.

ප්‍රවේශ පත්‍ර රුපියල් 200 සිට 3000 දක්වා වන මිල ගණන් යටතේ අලෙවි කිරීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...