ඉතිහාසයේ පළමු වරට දකුණු අප්‍රිකාව ලෝක කුසලානයක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබයි

Date:

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පළමු වරට අවසන් මහා තරගයක් සදහා සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම මෙරට වේලාවෙන් අද(27) පෙරවරුවේ සමත් වුණා.

ඒ, මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ඇෆ්ඝනිස්තානය පරදා කඩුලු 9ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.

ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 11.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 56 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 8.5 ක් අවසානයේ කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඒ අනුව අද රාත්‍රියේ පැවැත්වෙන ඉන්දු-එංගලන්ත දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමග දකුණු අප්‍රිකා කණ්ඩායම එළඹෙන 29 වැනිදා අවසන් මහා තරගයේ දී තරග වැදීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...