චමරි හා සචිනිගේ දක්ෂතා හමුවේ ශ්‍රී ලංකාවට තරග 3-0 ක පූර්ණ තරගාවලි ජයක්

Date:

චමරි අතපත්තුගේ ලකුණු 91 හා සචිනි නිසංසලා දවා ගත් කඩුලු පහ හමුවේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 160 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(21) සමත් වුණා.

ඒ අනුව තරග 3කින් යුත් එක්දින තරගාවලියෙන් තරග 3-0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වීම ද කැපී පෙනුණා.

හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 275 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 34.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 115 ක් පමණයි.

Chedean Nation ලකුණු 46 ක් රැස් කළ අතර, Aaliyah Alleyne ලකුණු 27 කට දැවී ගියා. පන්දු යැවීමේ දී සචිනි නිසංසලා පන්දුවාර 5.5 ක් තුළ ලකුණු 28 කට කඩුලු 5 ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 91 ක් රැස් කළේ හයේ පහර 2 ක් හා හතරේ පහර 10 ක් සමගින්.

නිලක්ෂිකා සිල්වා ලකුණු 63 ක් ලබා ගත්තා. අනුෂ්කා සංජීවනී දැවී ගියේ ලකුණු 55 ක් ලබා සිටියදීයි.

පන්දු යැවීමේ දී Karishma Ramharack ලකුණු 46 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...