ඩේවිඩ් වීසා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

නැමීබියා තුන් ඉරියව් ක්‍රීඩක ඩේවිඩ් වීසා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ එංගලන්තය සමග පැවැති තරගය ඔහු ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර තරගය බවට පත් වනු ඇති.

එම තරගයේ දී අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි ඩේවිඩ් වීසා පන්දු 12 කින් ලකුණු 27 ක් රැස් කළේ හයේ පහර හා හතරේ පහර 2 බැගින් එල්ල කරමින්. පන්දු යැවීමේ දී පන්දුවාර දෙකක් තුළ ලකුණු හයකට එක් කඩුල්ලක් දවා ගැනීමට ද ඔහු සමත් වුණා.

දකුණු අප්‍රිකා ජාතිකයෙකු වන ඩේවිඩ් වීසා 2015 වසරේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගත් අතර, පසුව 2016 වසරේ දී ඔහු කොල්පැක් ගිවිසුමක් අත්සන් කරමින් එංගලන්ත ප්‍රාන්ත තරග ක්‍රීඩා කිරීමට තීරණය කළා.

කෙසේ වෙතත්, 2021 වසරේ සිට ඔහු නැමීබියා කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසුකම් ලැබුවා. එම වසරේ සිට අඛණ්ඩව පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලි 3ක් ඔහු මේ වන විට ක්‍රීඩා කර තිබෙනවා.

නැමීබියාව වෙනුවෙන් විස්සයි 20 තරග 34 ක් ක්‍රීඩා කර ඇති ඔහු එහිදී ලකුණු 532 ක් රැස් කර ඇති අතර, කඩුලු 35 ක් ද දවා ගැනීමට සමත් වුණා.

විස්සයි 20 තරගවලට අමතරව නැමීබියාව වෙනුවෙන් එක්දින තරග 9 ක් ක්‍රීඩා කර ඇති ඩේවිඩ් වීසා ලකුණු 228 ක් රැස් කිරීමට සමත්ව තිබුණා. ඔහු දවා ගත් කඩුලු ගණන 6ක්.

සමස්ථයක් ලෙස ඔහු ක්‍රීඩා කර ඇති ජාත්‍යන්තර විස්සයි 20 තරග සංඛ්‍යාව 54 ක්. එක්දින ජාත්‍යන්තර තරග 15 ක් ද ඔහු රටවල් දෙක වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා.

ජාත්‍යන්තර පිටියෙන් සමුගත්ත ද ඔහු ඉදිරියටත් විස්සයි 20 ලීග් තරගාවලි වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති. පසුගිය මාස 12 තුළ දී ඔහු CSA T20 Challenge, PSL, SA20, Hundred හා Blast යන ලීග් තරගාවලි ක්‍රීඩා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...