ඉන්දු – කැනඩා තරගය වර්ෂාව නිසා අත්හැර දැමේ

Date:

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලයේ 33 වැනි තරගය වර්ෂාව හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමක් හෝ සිදු නොකර අත්හැර දැමීමට විනිසුරුවන් අද(15) තීරණය කළා.

ඉන්දියාව හා කැනඩාව අතර මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහි Lauderhill හී දී යි.

මෙම තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීම නිසා කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් හිමි වුණා.

ඒ අනුව ඉන්දියාව ප්‍රසාද ලකුණු 7 ක් ලබා ගනිමින් A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගනිමින් මූලික වටය අපරාජිතව අවසන් කිරීමට සමත් වුණා.

කැනඩාව ප්‍රසාද ලකුණු 3 ක් හිමි කර ගනිමින් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

මෙම කාණ්ඩයෙන් සුපිරි 8 වටයට සුදුසුකම් ලැබූ අනෙක් කණ්ඩායම වන්නේ ප්‍රසාද ලකුණු 5 ක් ලබා සිටින ඇමෙරිකාවයි.

[team_standings 59912]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...