අයි.සී.සී මාසයේ ක්‍රීඩිකාව සම්මානය චමරිට

Date:

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මැයි මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

ස්කොට්ලන්ත නායිකා Kathryn Bryce හා එංගලන්තයේ Sophie Ecclestone ද මෙම සම්මානය සදහා මෙවර නිර්දේශ කර තිබුණා.

අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරි විසින් දිනා ගත් දෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. ඇය මීට පෙර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ද මෙම සම්මානයෙන් පිදුම් ලැබුවා.

කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය ලෙස 34 හැවිරිදි ඇය එම තරගාවලිය නිමා කිරීම හේතුවෙනුයි මෙම සම්මානයෙන් චමරි යළිත් පිදුම් ලැබුවේ.

එම තරගාවලියේ දී ඉනිම් හයකදී ඇය රැස් කළ ලකුණු සංඛ්‍යාව 226 ක්. ඉනිමක සාමාන්‍ය සටහන්ව තිබුණේ 45.20 ලෙසයි.

මැයි මාසයේ දී පමණක් චමරි අතපත්තු ලකුණු 151 ක් රැස් කළා. ඒ, 37.75 ක ඉනිමක සාමාන්‍යක් සහිතවයි. ඊට අමතරව ඇය පන්දු යැවීමෙන් දවා ගත් කඩුලු ගණන 6 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...