IPL සමගාමී කාන්තා T20 තරගාවලියේ සංචිත ප්‍රකාශයට පත් කෙරේ

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව මෙවරත් පැවැත්වීමට නියමිත කාන්තා අභියෝගතා 20යි 20 තරගාවලිය (Women’s T20 Challenge) සදහා වන සංචිත අද ඉන්දීය ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කළා.

තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන ශෂිකලා සිරිවර්ධන සහ චමරි අතපත්තු ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙවර තරගාවලියට ද Supernovas, Trailblazers සහ Velocity යනුවෙන් කණ්ඩායම් 3ක් එක්වන අතර, එම කණ්ඩායම්වල නායිකාවන් ලෙස පිළිවෙලින් හර්මන්ප්‍රීට් කෝවුර්, ස්ම්රිටි මන්දනා සහ මිතාලි රාජ් කටයුතු කරනු ඇති.

ශෂිකලා සිරිවර්ධන සහ චමරි අතපත්තු යන ක්‍රීඩිකාවන් දෙදෙනාම Supernovas කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

Women’s T20 Challenge තරගාවලිය නොවැම්බර් 4 වනදා සිට 9 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඊට දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය සහ නවසීලන්තය යන රටවලින් ද ක්‍රීඩිකාවන් එක් වන බව සදහන්.

තරගාවලිය සදහා තරග 4ක් ඇතුළත් අතර, ඊට තායිලන්ත ක්‍රීඩිකාවක් ද එක් වනවා.

සංචිත සහ තරග කාලසටහන –

BCCI
BCCI

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...