කොදෙව් – ශ්‍රී ලංකා තරග කාලසටහනට සුළු වෙනසක්

Date:

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ නව තරග කාලසටහනක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(6) නිවේදනය කළා.

කෙසේ වෙතත්, මීට පෙර නිවේදනය කෙරුණු තරග කාලසටහන හා සැසදීමේ දී නව තරග කාලසටහනෙහි තරග පැවැත්වෙන දිනවල කිසිදු වෙනසක් සිදු කර නැහැ.

නමුත්, ගාල්ලේ දී පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගාවලියේ සියලු තරග හම්බන්තොටදී පැවැත්වීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.

මෙම සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

විස්සයි 20 තරගාවලිය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී නියමිත පරිදි පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එක්දින තරගාවලියේ තරග ජූනි 15, 18 හා 21 යන දිනවලදී ද, විස්සයි 20 තරගාවලියේ තරග ජූනි 24, 26 හා 28 යන දිනවලදී ද පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන –

  • 1st ODI : 15th June – MRICs, Hambantota
  • 2nd ODI : 18th June – MRICs, Hambantota
  • 3rd ODI : 21st June – MRICs, Hambantota
  • 1st T20I : 24th June – MRICs, Hambantota
  • 2nd T20I : 26th June – MRICs, Hambantota
  • 3rd T20I : 28th June – MRICs, Hambantota

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...