Watch : සූර්ය පැනලයක් විනාශ කළ ස්කොට්ලන්ත ආරම්භක පිතිකරුවාගේ දැවැන්ත හයේ පහර

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගයේ දී දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට ස්කොට්ලන්ත ආරම්භක පිතිකරු මයිකල් ජෝන්ස් සමත් වුණා.

බාර්බඩෝස්හී දී ආරම්භ වූ තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ප්‍රබල එංගලන්ත කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්තය පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ක්‍රිස් ජෝර්ඩන් යොමු කළ ස්කොට්ලන්ත ඉනිමේ 6 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවට මයිකල් ජෝන්ස් විසින් අදාළ හයේ පහර එල්ල කළා.

එහිදී පන්දුව ක්‍රීඩාගාරයේ වහලයක් මත තිබූ සූර්ය පැනලයක් මත වැදී අසල තිබූ රථගාල වෙත ඇදී යාම කැපී පෙනුණා.

පන්දුව වැදීමෙන් පසුව අදාළ සූර්ය පැනලයට ද හානි සිදුව ඇති අයුරු දැකගත හැකි වුණා. (දර්ශන පහතින්)

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...