සන්දීප් ලැමිච්හානේගේ වීසා අයදුම්පත යළිත් ප්‍රතික්ෂේප වෙයි

Date:

නේපාලයේ හිටපු ක්‍රිකට් නායක හා දග පන්දු යවන ක්‍රීඩක සන්දීප් ලැමිච්හානේට (Sandeep Lamichhane) බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිත එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුට ඇමෙරිකාවට පැමිණීම සදහා අවශ්‍ය වීසා බලපත්‍ර ලබා දීම දෙවැනි වරටත් ප්‍රතික්ෂේප කර ඇති බැවින්.

ඔහු විසින් යොමු කර තිබූ පළමු වීසා අයදුම්පත්‍රය පසුගිය සතියේ දී ප්‍රතික්ෂේප වී තිබූ අතර, අනතුරුව ඔහුගේ වීසා ලබා ගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් මැදිහත් වීමට නේපාල ක්‍රිකට් ආයතනය හා එරට රජය ද කටයුතු කළා. කෙසේ වෙතත්, එම උත්සාහයන් ද අසාර්ථක කරමින් යළිත් වරක් ඔහුගේ වීසා අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප වී තිබෙනවා.

සන්දීප් ලැමිච්හානේට එරෙහිව එල්ල වී තිබූ ස්ත්‍රී දූෂණ චෝදනාවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට එරට පටාන් මහාධිකරණය පසුගිය 15 වැනිදා තීන්දු කළ අතර, ඒ අනුව ඔහුට වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් ක්‍රීඩාවට ද යළි පිවිසීමට අවස්ථාව උදා වුණා.

2022 වසරේ අගෝස්තු 21 වැනිදා හෝටලයකදී තරුණියක් දූෂණයට ලක් කළ බවට එල්ල වූ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් සන්දීප් ලැමිච්හානේට වසර අටක සිරදඩුවමක් නියම කිරීමට කත්මන්ඩු දිස්ත්‍රික් අධිකරණය තීන්දු කළේ පසුගිය ජනවාරි 10 වැනිදායි. සිර දඩුවමට අමතරව නේපාල රුපියල් ලක්ෂ තුනක දඩ මුදලක් ද ඔහුට නියම කෙරුණු අතර, වින්දිතයාට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන ලෙස ද අධිකරණය නියම කර තිබුණා.

කෙසේ වෙතත්, පසුව ඔහු සිය සිර දඩුවමටම එරෙහිව අභියාචනයක් ගොණු කළා. එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණය ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළේ අදාළ චෝදනාව සනාථ කිරීම සදහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙනුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...