T20 ක්‍රීඩක හා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි වෙනස්කම් රැසක්

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සිදු කෙරුණු අවසන් යාවත්කාලීන සහිත ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(29) නිවේදනය කළා.

ඊට අනුව විස්සයි 20 පිතිකරුවන් අතර 7 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට එංගලන්ත නායක ජොස් බට්ලර් සමත්ව සිටිනවා. ඒ, බර්මිංහැම්හී දී පාකිස්තානයට එරෙහිව පැවැති දෙවැනි විස්සයි 20 තරගයේ දී ඔහු වාර්තා කළ ලකුණු 84 හේතුවෙන්.

එංගලන්තයේ ජොනී බෙයාර්ස්ටව් 36 වැනි ස්ථානය දක්වා ස්ථාන 8කින් ඉදිරියට පැමිණ තිබෙනවා. එමෙන්ම පාකිස්තානයේ ෆකාර් සමාන් ද පිතිකරුවන් අතර ස්ථාන 6කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට රැදී සිටින්නේ 51 වැනි ස්ථානයේයි.

මේ අතර, බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් වන බ්‍රෙන්ඩන් කිංග් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානය දක්වා ස්ථාන 5කින් ද, ජොන්සන් චාර්ල්ස් 20 වැනි ස්ථානය දක්වා ස්ථාන 17 කින් ද, ක්යල් මේයර්ස් 31 වැනි ස්ථානය දක්වා ස්ථාන 12 කින් ද ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති විස්සයි 20 තරගාවලියේ දී ඔවුන් දැක් වූ දක්ෂතා හේතුවෙන්.

එම තරගාවලියේ දී පන්දු යැවීමෙන් දක්ෂතා දැක් වූ ගුඩකේෂ් මෝති විස්සයි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 27 වැනි ස්ථානය දක්වා ස්ථාන 84 කින් ඉදිරියට පැමිණ තිබීම ද විශේෂත්වයක්.

එංගලන්තයේ රීස් ටොප්ලි 9 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ එක් ස්ථානයකින්. පාකිස්තානයේ ශහීන් ශාහ් අෆ්රිඩි 11 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණ ඇති බවයි අයි.සී.සී ය නිවේදනය කළේ. හැරිස් රවුෆ් 25 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ද, ඉමාඩ් වසීම් 38 වැනි ස්ථානය දක්වා ස්ථාන 14 කින් ද, ඉදිරියට පැමිණ තිබෙනවා.

පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමි කර ගනිමින් ඉන්දීය පිතිකරු සූර්යකුමාර් යාදව් විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට පිවිසීමට නියමිත අතර, එංගලන්තයේ අඩිල් රෂීඩ් පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවනවා. වනිදු හසරංග පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර, මහීෂ් තීක්ෂණ සිව්වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර, විස්සයි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව කොදෙව් කණ්ඩායම 6 වැනි ස්ථානයේ සිට 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්. ඒ, දකුණු අප්‍රිකාව පරදා ලද තරග 3-0 ක තරගාවලි ජයත් සමගයි.

දකුණු අප්‍රිකාව 7 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් පසුබැස ඇති අතර, පාකිස්තානය 6 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...