IPL ශූරතාවය දිනා ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 13 දෙනා

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යනු ලොව දැවැන්තම ක්‍රිකට් ප්‍රිමියර් ලීග් තරගාවලිය බව නොරහසක්.

තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබීම පවා ඉන්දීය ක්‍රීඩකයෙකුට මෙන්ම විදෙස් ක්‍රීඩකයෙකුට ද ඔවුන් ලබන විශාල ජයග්‍රහනයක්.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ද අයි.පී.එල් තරගාවලිය 2008 වසරේ දී ආරම්භ වීමත් සමග මේ දක්වා පැවැති තරගාවලි වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා.

ඒ අතරින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 13 දෙනෙකු මේ දක්වා අයි.පී.එල් ශූරතාවය දිනා ඇති කණ්ඩායම්වල සංචිතවල ද සාමාජිකයින් ලෙස රැදී සිට තිබීම විශේෂත්වයක්.

පසුගිය ඉරිදා පැවැති මෙවර අයි.පී.එල් තරගාවලියේ අවසන් මහා තරගයේ දී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පරදා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ශූරතාවය ජය ගැනීමත් සමග කොල්කටා සංචිතයට ඇතුළත්ව සිටි දුෂ්මන්ත චමීර අයි.පී.එල් ශූරතාවයක් දිනූ 13 වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත් වුණා.

වැඩිම අවස්ථා ගණනක දී අයි.පී.එල් ශූරතාවයක් ජය ගෙන ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ ලසිත් මාලිංග. ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග අවස්ථා 4කදී අයි.පී.එල් ශූරතාවය ජය ගත්තා.

අයි.පී.එල් ශූරතාවය දිනූ සංචිතවලට ඇතුළත්ව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් –

  • 2009 – Deccan Chargers – Chaminda Vaas, Chamara Silva, Nuwan Zoysa
  • 2010 – CSK – Muthiah Muralidaran, Thilan Thushara, Thisara Perera
  • 2011 – CSK – Suraj Randiv, Nuwan Kulasekara
  • 2013 – MI – Lasith Malinga
  • 2015 – MI – Lasith Malinga
  • 2017 – MI – Lasith Malinga, Asela Gunaratne
  • 2019 – MI – Lasith Malinga
  • 2023 – CSK – Maheesh Theekshana, Matheesha Pathirana
  • 2024 – KKR – Dushmantha Chameera

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...