මැකෝයි හා චාර්ල්ස් දකුණු අප්‍රිකාවට පූර්ණ තරගාවලි පරාජයක් අත් කර දෙයි

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට තරග 3-0 ක පූර්ණ තරගාවලි පරාජයක් අත්කර දෙමින් දෙරට අතර පැවැති අවසන් විස්සයි 20 තරගයෙන් කඩුලු අටක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ජැමයිකාවේ සබීනා පාර්ක් ක්‍රීඩාංගනයේ පැවැති තෙවැනි විස්සයි 20 තරගය ජය ගැනීම සදහා ලද ලකුණු 164 ක ඉලක්කය කොදෙව්වන් පසු කර ගියේ පන්දුවාර 13.5 ක් අවසානයේ දී කඩුලු දෙකක් දැවී සිටියදීයි.

ආරම්භක පිතිකරුවන් වූ නායක බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 44(28) ක් හා ජොන්සන් චාර්ල්ස් ලකුණු 69(26) ක් රැස් කළා. චාර්ල්ස්ගේ වේගවත් ඉනිම හයේ පහර 5කින් හා හතරේ පහර 9කින් වර්ණවත් වුණා. ක්යල් මේයර්ස් නොදැවී ලකුණු 36 යි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පන්දු 31 කින් ලකුණු 51 ක් රැස් කළ රසී වැන් ඩර් ඩසන්. හයේ පහර 5ක් හා හතරේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත්. වියාන් මෝල්ඩර් ලකුණු 36 යි.

පන්දු යැවීමේ දී ඔබෙඩ් මැකෝයි ලකුණු 39 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ශමාර් ජෝසප් හා ගුඩකේෂ් මෝති කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...