චේස්ගේ තුන් ඉරියව් දක්ෂතා හා ගුඩකේෂ්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකාව තරගාවලිය පරදියි

Date:

රොස්ටන් චේස්ගේ තුන් ඉරියව් දක්ෂතා හා ගුඩකේෂ් මෝතිගේ අනර්ඝ පන්දු යැවීම හමුවේ සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට (2-0) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ජැමයිකාවේ සබීනා පාර්ක් ක්‍රීඩාංගනයේ පැවැති දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 7ක් දැවී ලකුණූ 207 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 191 ක් පමණයි. ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 16 ක ජයක් කොදෙව්වන්ට හිමි වුණා.

පළමුව පන්දුවට පහරදුන් කොදෙව් ඉනිම වෙනුවෙන් රොස්ටන් චේස් නොදැවී ලකුණු 67 ක් රැස් කළේ පන්දු 38 ක් පමණක් වැය කරමින්. හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. වැඩබලන නායක බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 36(22) යි.

පන්දු යැවීමේ දී ලුන්ගි එන්ගිඩී, ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ හා Nqabayomzi Peter කඩුලු 2 බැගින් බිද හෙලුවා.

දකුණු අප්‍රිකා පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 41 ක් ලබා ගත්තේ පන්දු 17කින්. හයේ පහර හා හතරේ පහර 4 බැගින් ඔහුගේ ඉනිමට ඇතුළත්. රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 34 (18) කටත්, රසී වැන් ඩර් ඩසන් ලකුණු 30 (22) කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී ගුඩකේෂ් මෝති ලකුණු 22 කට කඩුලු 3 ක් දවා ගත්තා. රොස්ටන් චේස්, අකීල් හොසේන් හා රොමාරියෝ ෂෙපර්ඩ් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...