ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක මතීෂ පතිරණ ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලි ඉතිහාසයේ ඉහළම මිලකට අලෙවි වූ ක්රීඩකයා බවට අද(21) පත් වුණා.
ඒ, මේ වන විට කොළඹ දී පැවැත්වෙන LPL ක්රීඩක වෙන්දේසියේ දී යි.
ඔහු ඇමෙරිකානු ඩොලර් 50,000 ක මූලික වටිනාකමක් යටතේයි වෙන්දේසිය සදහා ඉදිරිපත්ව සිටියේ.
මතීෂට ඇමෙරිකා ඩොලර් 120,000 ක ලංසුවක් ගාලු කණ්ඩායම විසින් ඉදිරිපත් කළ නමුත්, පසුගිය වසරේ දී ඔහු කොළඹ කණ්ඩායම නියෝජනය කළ බැවින් කොළඹ කණ්ඩායම විසින් අවසානයේ දී මතීෂ පතිරණ සිය කණ්ඩායමට එම මුදල යටතේ හිමි කර ගැනීමට (right to match) සමත් වුණා.
ඔහුට හිමිවි වූ වටිනාකම ශ්රී ලංකා මුදලින් රුපියල් කෝටි 3.5 ක්.
[wpdatatable id=20]
[wpdatatable id=21]

