IPL නිසා ප්‍රබලයින් රැසක් නොමැති කොදෙව් T20 සංචිතය නම් කෙරේ

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකයා ලෙස පත් කර ඇත්තේ බ්‍රෙන්ඩන් කිංග්. ඒ, නිත්‍ය නායක රොව්මන් පවෙල් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග තවදුරටත් රැදී සිටින බැවින්.

අන්ඩ්‍රි රසල්(KKR), ශිම්රන් හෙට්මයර්(RR), අල්සාරි ජෝසප්(RCB) හා ශෙර්ෆේන් රදර්ෆර්ඩ්(KKR) යන ක්‍රීඩකයින් ද අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් සමග රැදී සිටින බැවින් ඔවුන්ද මෙම සංචිතයට ඇතුළත් කර නැහැ.

එමෙන්ම අයි.පී.එල් තරගාවලියට එක් වූ නිකලස් පූරාන් (LSG) හා ශේයි හෝප් (DC) මෙම විස්සයි 20 තරගාවලියෙන් විවේක ගන්වා තිබෙනවා.

ජෝසප් හා රදර්ෆර්ඩ් නියෝජනය කරන කණ්ඩායම් අයි.පී.එල් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා නොගතහොත් ඔවුන් දෙදෙනා ද දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි 20 තරගාවලිය සදහා නම් කිරීමට නියමිතයි.

මෙම විස්සයි 20 තරගාවලියේ දී ශමාර් ජෝසප් විස්සයි 20 ජාත්‍යන්තර වරම් හිමි කර ගැනීමට වැඩි ඉඩක් පවතිනවා. ඔහු අයි.පී.එල් තරගාවලියේ දී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් එක් තරගයක් සදහා ක්‍රීඩා කළා.

විස්සයි 20 තරගාවලිය මැයි 23, 25 හා 26 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. අනතුරුව විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර මැයි 30 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව කොදෙව්වන් පුහුණු තරගයක් ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

West Indies squad for T20I series vs South Africa

Brandon King (c), Roston Chase, Alick Athanaze, Johnson Charles, Andre Fletcher, Mathew Forde, Jason Holder, Akeal Hosein, Shamar Joseph, Kyle Mayers, Obed McCoy, Gudakesh Motie, Romario Shepherd, Hayden Walsh

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...