අභිෂේක්ගේ 66(28) හමුවේ සන්රයිසස් කණ්ඩායමෙන් සුපිරි හඹා යාමක්

Date:

අභිෂේක් ෂර්මාගේ වේගවත් අර්ධ ශතකය හමුවේ 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 69 වැනි තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු  4 ක ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අද(19) සමත් වුණා.

හයිදරාබාද්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පංජාබ් පිල කඩුලු 5 ක් දැවී ලකුණු 214 ක් රැස් කළ නමුත්, හයිදරාබාද් කණ්ඩායම පන්දුවාර 19.1 ක් අවසානයේ දී කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

ඉනිමේ පළමු පන්දුවෙන්ම ට්‍රැවිස් හෙඩ් දැවී ගියේ අර්ෂ්දීප් සිංගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. කෙසේ වෙතත්, ඉනිමට අවශ්‍ය වූ වේගවත් ආරම්භය ලබා දුන් අභිෂේක් ෂර්මා පන්දු 28 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 66 ක්. ඒ, හයේ පහර 6 ක් හා හතරේ පහර 5 ක් සමගින්.

රාහුල් ත්‍රිපාති ලකුණු 33(18) ක් හා නිටිෂ් කුමාර් ලකුණු 37(25) ක් රැස් කළ අතර, හෙන්රික් ක්ලාසන් පන්දු 26 කින් ලකුණු 42 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං හා හර්ෂාල් පටෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කිංග්ස් කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ පන්දු 45 කින් ලකුණු 71 ක් ලබා ගත් ප්‍රබ්සිම්රන් සිං. හයේ පහර 4 ක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

රයිලි රොසෝව් පන්දු 24 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 49 ක්. පන්දු යැවීමේ දී ටී නටරාජන් ලකුණු 33 කට කඩුලු 2 ක් දවා ගත් අතර, විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 37 කට කඩුල්ලක් බිද හෙලුවා.(වියස්කාන්ත් දවා ගත් කඩුල්ල පහතින් නරඹන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...