චෙන්නායි පරදා RCB කණ්ඩායම IPL අවසන් වටයට සුදුසුකම් ලබයි

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සමත් වුණා.

ඒ, තරගාවලියේ 68 වැනි තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 27 ක ජයක් වාර්තා කරමින්.

බැංගලූරුහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බැංගලූරු පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 218 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 191 ක් පමණයි.

ඒ අනුව බැංගලූරු කණ්ඩායම හා චෙන්නායි කණ්ඩායම මූලික වටය අවසන් කළේ ප්‍රසාද ලකුණු 14 බැගින් ලබා ගනිමින්. කෙසේ වෙතත්, ශුද්ධ ලකුණු වේගය අනුව බැංගලූරු කණ්ඩායම ඉදිරියෙන් පසු වූ බැවින් ඔවුන් අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තා.

මෙම තරගය පරාජයට පත් වුවද, චෙන්නායි කණ්ඩායම ලකුණු 201 ක් ලබා ගත්තේ නම්, ඔවුන්ට බැංගලූරු පිලේ ශුද්ධ ලකුණු වේගය අභිබවා යමින් අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාවක් පැවැති නමුත්, අවසන් පන්දුවාරයේ දී එම අවස්ථාව ද චෙන්නායි පිලෙන් ගිලිහී ගියා. (ප්‍රසාද ලකුණු සටහන පහතින්)

මෙවර තරගාවලියේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සිය පළමු තරග අටෙන් තරග 7ක්ම පරාජයට පත් වූ පසුබිමකයි ඔවුන් මෙලෙස අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේ. අනතුරුව ඔවුන් ක්‍රීඩා කළ තරග හයම අඛණ්ඩව ජය ගැනීමට බැංගලූරු පිල සමත් වීම කැපී පෙනුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම වෙනුවෙන් ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 54(පන්දු 39)ක්, විරාත් කෝලි ලකුණු 47(29) ක් හා රාජත් පටිදර් ලකුණු 41(23) ක් රැස් කළා. කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 38 ක් ලබා ගත්තේ පන්දු 17 කින්.

පන්දු යැවීමේ දී ශර්දුල් තාකූර් ලකුණු 61 කට කඩුලු දෙකක් දවා ගත්තා. මහීෂ් තීක්ෂණට මෙම තරගයේ දී කඩුලු දවා ගැනීමට නොහැකි වූ නමුත්, ඔහු ලබා දුන්නේ සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 25 ක් පමණයි.

සුපර් කිංග්ස් පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ රචින් රවීන්ද්‍ර. ඔහු පන්දු 37 කින් ලකුණු 61 ක් ලබා ගත්තා. රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 42(22) ක් ලබා ගනිමින් සිය කණ්ඩායම අවසන් වටය කරා රැගෙන යාමට උත්සාහ දැරූ නමුත් එය සාර්ථක වූයේ නැහැ.

පන්දු යැවීමේ දී යශ් දයාල් ලකුණු 42 කට කඩුලු 2 ක් දවා ගත්තා.

මේ අතර, චෙන්නායි ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස මිචෙල් සැන්ට්නර් දවා ගැනීමට ෆෆ් ඩු ප්ලෙසිස් අති විශිෂ්ඨ උඩ පන්දුවක් ද රැක ගැනීමට සමත් වීමට කැපී පෙනුණා. (දර්ශන පහතින්)

[wpdatatable id=6]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...