විශ්ව ප්‍රනාන්දුට එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමකින් ගිවිසුමක්

Date:

බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම විසින් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ප්‍රාන්ත සිව්දින තරගාවලිය (County Championship) යටතේ යෝක්ෂයර් කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත ඉදිරි තරග තුන ක්‍රීඩා කිරීම සදහායි ඔහු එලෙස ගිවිසුම්ගත වී ඇත්තේ.

ඒ අනුව ඔහු Northamptonshire, Gloucestershire හා Derbyshire කණ්ඩායම්වලට එරෙහිව යෝක්ෂයර් කණ්ඩායම ඉදිරියේ දී ක්‍රීඩා කිරීමට නියමිත තරග තුන සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි. යෝක්ෂයර් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ පාකිස්තානයේ ශාන් මසූඩ්.

32 හැවිරිදි විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 23 කදී දවා ගෙන ඇති කඩුලු ගණන 64 ක්.

ඔහු පසුගිය වසරේ දී Durham කණ්ඩායම වෙනුවෙන් තරග දෙකක් ක්‍රීඩා කළ අතර, එහිදී කඩුලු 7ක් දවා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ගිම්හාන තරග වාරයේ දී එංගලන්ත තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇති පසුබිමකයි විශ්ව ප්‍රනාන්දුට එරට ප්‍රාන්ත තරග ක්‍රීඩා කිරීම සදහා මෙලෙස අවස්ථාවක් හිමිව ඇත්තේ.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අගෝස්තු 21 වැනිදා මැන්චෙස්ටර්හි Emirates Old Trafford ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...