ශකිබ්ට ඇමෙරිකාවෙන් ගිවිසුමක්

Date:

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන මේජර් ලීග් ක්‍රිකට් (MLC) තරගාවලියේ දෙවැනි අදියර සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් ලොස් ඇන්ජලීස් නයිට් රයිඩර්ස් (LAKR) කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

කොල්කටා නයිට් රයිඩර්ස්, ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් (කාන්තා/පිරිමි) හා අබුඩාබි නයිට් රයිඩර්ස් යන කණ්ඩායම්වල ද හිමිකාරීත්වය දරන්නේ ලොස් ඇන්ජලීස් නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකරුවන් විසිනුයි.

ලොස් ඇන්ජලීස් කණ්ඩායම මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියරේ දී අවසන් ස්ථානය හිමි කර ගනිමින් තරගාවලිය නිමා කළා.

එම තරගාවලියට ක්‍රීඩා කළ සංචිතයට ඇතුළත්ව සිටි සුනිල් නරේන්, අන්ඩ්‍රි රසල්, ජේසන් රෝයි, ස්පෙන්සර් ජොන්සන්, අලී ඛාන්, සයිෆ් බඩර්, නිටිෂ් කුමාර්, Unmukt Chand හා Shadley van Schalkwyk යන ක්‍රීඩකයින් සිය සංචිතයේ රදවා ගැනීමට නයිට් රයිඩර්ස් කලමනාකාරීත්වය පියවර ගෙන තිබෙනවා.

MLC තරගාවලියේ දෙවැනි අදියර ජූලි 5 වැනිදා සිට ජූලි 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. පළමු තරගය පැවැත්වෙන්නේ MI New York කණ්ඩායම හා Seattle Orcas කණ්ඩායම අතරයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...