කුසල්ගේ වීසා ප්‍රතික්ෂේප කර නැහැ – වීසා ප්‍රශ්නය ගැන SLC කරුණු පහදයි

Date:

ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී පැවැත්වීමට නියමිත 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කුසල් මෙන්ඩිස්ට මෙරටින් පිටත්ව යාම සදහා අවශ්‍ය වීසා ලබා දීම ප්‍රතික්ෂේප කිරීමක් සිදුව නොමැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසනවා.

කොළඹ අද(17) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සදහන් කළේ තවත් දිනක් හෝ දින දෙකක් ඇතුළත ඔහුගේ වීසා ලබා ගැනීමට හැකි වනු ඇති බවයි.

වීසා නිකුත් කිරීම සදහා කුසල් මෙන්ඩිස්ගෙන් තවත් ලියකියවිලි කිහිපයක් බළධාරීන් විසින් ඉල්ලා ඇති බවත්, එම ලියකියවිලි ලබා දීමෙන් පසුව අවශ්‍ය වීසා ලබා ගැනීමට හැකි වනු ඇති බවත් ඈෂ්ලි ද සිල්වා මහතා විශ්වාසය පල කර සිටියා.

ලෝක කුසලානයට ක්‍රීඩා කරන සංචිත සදහා අවශ්‍ය සහාය ජගත් ක්‍රිකට් කවුන්සලයෙන් ලබා ගත හැකි වන්නේ මැයි 25 වැනිදායින් පසුව බව ඔහු පෙන්වා දුන්නා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඇමෙරිකානු තත්ත්වයන්ට හුරු වීමට අවශ්‍ය කාලය ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් සති දෙකකට පමණ පෙර එරටට පිටත් කර හැරීමට ක්‍රිකට් ආයතනය පියවර ගත් බවයි ප්‍රධාන විධායක නිළධාරීවරයා සදහන් කළේ.

ඒ අනුව වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රමාදයක් සිදුව නොමැති බවත්, අවශ්‍ය කාලය වන විට වීසා ලැබෙනු ඇති බවත්, හෙතෙම පවසා සිටියා.

එමෙන්ම ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පුහුණු තරග සදහා ද කුසල් මෙන්ඩිස්ට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවයි ඈෂ්ලි ද සිල්වා මහතා අවධාරණය කර සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...