පාකිස්තාන නායක බාබර් අසාම් ඊයේ(12) රාත්‍රියේ දී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.
ඒ, විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ දී වැඩිම තරග සංඛ්‍යාවක් ජයග්‍රහනය කළ නායකයා බවට පත් වෙමින්.
අයර්ලන්තය සමග පැවැති දෙවැනි විස්සයි 20 තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමත් සමගයි ඔහු එම ලෝක වාර්තාව පිහිටුවනු ලැබුවේ.
ඩබ්ලින් හී දී පැවැති තරගයේ පාකිස්තානයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 193 ක් රැස් කළ අතර, සිය පිළිතුරු ඉනිමේ දී පාකිස්තානය පන්දුවාර 16.5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීම විශේෂත්වයක්.
මේ වන විට වැඩිම විස්සයි 20 ජාත්‍යන්ත තරග සංඛ්‍යාවකදී (තරග 78) කණ්ඩායමක් මෙහෙයවා ඇති නායකයා ද වන බාබර් අසාම් ඊයේ ලැබූ ජයත් සමග මේ වන විට ජය ගෙන ඇති සමස්ත විස්සයි 20 ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 45 ක්.
මීට පෙර වැඩිම විස්සයි 20 තරග සංඛ්‍යාවක් ජය ගනිමින් අදාළ ලෝක වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ උන්ඩාවේ Brian Masaba විසින්. ඔහු තරග 56 කින් ජය ගෙන තිබූ තරග ගණන 44 ක්.
[wpdatatable id=7]
කෙසේ වෙතත්, බාබර් අසාම්ගේ නායකත්වය යටතේ පාකිස්තාන කණ්ඩායම විස්සයි 20 ජාත්‍යන්තර පිටියේ දී ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව පරාජයට පත් කිරීමට මෙතෙක් සමත් වී නැහැ.
2019 වසරේ දී නායකත්වයට පත් වූ බාබර්ගේ මෙහෙයවීම යටතේ පාකිස්තාන කණ්ඩායම ඒ ඒ රටවල්වලට එරෙහිව ජය පරාජ ලබා ඇත්තේ පහත සදහන් ආකාරයෙනුයි.
[wpdatatable id=8]

