චමරිගේ විශිෂ්ඨ ශතකය හමුවේ ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරයින් වෙයි

Date:

චමරි අතපත්තු වාර්තා කළ සිය දෙවැනි විස්සයි 20 ජාත්‍යන්තර ශතකය හමුවේ 2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ, තරගාවලියේ අවසන් මහා තරගයේ දී ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම පරදා ලකුණු 68 ක දැවැන්ත ජයක් වාර්තා කරමින්.

අබුඩාබි හි Zayed ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 169 ක්.

චමරි පන්දු 63 කින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 102 ක්. ඇයගේ ඉනිම හයේ පහර 4 කින් හා හතරේ පහර 13 කින් වර්ණවත් වුණා.

නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 26 ක් හා කවීෂා දිල්හාරි ලකුණු 15 ක් රැස් කළා. පන්දු යැවීමේ දී Rachel Slater ලකුණු 35 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 101 ක් පමණයි.

Priyanaz Chatterji ලකුණු 30 ක් රැස් කළ අතර, Rachel Slater නොදැවී ලකුණු 15 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී උදේෂිකා ප්‍රබෝදනී ලකුණු 13 කට කඩුලු 3 ක් දවා ගත්තා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම තරගාවලියේ දී අපරාජිතවම ශූරතාවය දිනා ගැනීමට සමත් වීම කැපී පෙනෙනවා.

මෙම තරගයෙන් පරාජයට පත් වුව ද, ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ද බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...