මදුෂ්කගේ ශතකය අපතේ යයි – ඇෆ්ඝනිස්තාන A පිලට කඩුලු 4ක තියුණු ජයක්

Date:

ශ්‍රී ලංකා A කණ්ඩායම සමග පැවැති සිව්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු හතරක තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම ඊයේ(5) පස්වරුවේ සමත් වුණා.

හම්බන්තොට පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 276 ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු දෙකක් ඉතිරිව තිබියදී කඩුලු හයක් දැවී සිටියදීයි ජයග්‍රහනය තහවුරු කර ගත්තේ.

ආරම්භක පිතිකරුවන් වූ Riaz Hassan පන්දු 128 කින් හතරේ පහර 11 ක් සමග ලකුණු 106 ක් ද, Zubaid Akbari ලකුණු 68 ක් ද ලබා ගත්තා. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 133 ක්.

Nangeyalia Kharote ලකුණු 40 ක් රැස් කළ අතර, Shahidullah ලකුණු 39 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී දුෂාන් හේමන්ත ලකුණු 39 කට කඩුලු දෙකක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 275 ක් ලබා ගත්තේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

නායක නිශාන් මදුෂ්ක පන්දු 127 කින් ලකුණු 115 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් සමගින්. සොනාල් දිනූෂ ලකුණු 78 කට දැවී ගියා. කමිල් මිෂාර ලකුණු 24 යි.

පන්දු යැවීමේ දී Bilal Sami හා Qais Ahmad කඩුලු 3 බැගින් බිද හෙලුවා.

කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින තරගාවලිය මේ වන විට තරග 3-1 ක් ලෙස පෙරමුණේ පසුවන්නේ ශ්‍රී ලංකා A කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...