ලිට්ල්ගේ අනපේක්ෂිත සටන පරදා ෆෆ්ගේ ප්‍රහාරය හමුවේ RCB ජය ගනියි

Date:

ජොෂ් ලිට්ල් ප්‍රදර්ශනය කළ අනපේක්ෂිත සටන්කාමී පන්දු යැවීම අපතේ යවමින් බැංගලූරු පන්දු යවන්නන්ගේ දක්ෂතා හා විරාත් කෝලිගේ හා ෆෆ් ඩු ප්ලෙසිස්ගේ වේගවත් පිතිහරඹය හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 52 වැනි තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරදා කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම අද(4) සමත් වුණා.

මෙම ජයත් සමග මෙතෙක් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසු වූ බැංගලූරු කණ්ඩායම ප්‍රසාද ලකුණු 8කට හිමිකම් කියමින් ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වීම විශේෂත්වයක්.

බැංගලූරු හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ RCB කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ටයිටන්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී පන්දුවාර 19.3 ක් අවසානයේ ලබා ගත හැකි වූයේ ලකුණු 147 ක් පමණයි.

රෝයල් චැලෙන්ජර්ස් පිළිතුරු ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන් ෆෆ් ඩු ප්ලෙසිස් හා විරාත් කෝලි පන්දුවාර 5.5 ක් තුළ ලකුණු 92 ක විශිෂ්ඨ සම්බන්ධතාවයක් පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ නමුත්, අනතුරුව ලකුණු 25 ක් තුළ ඔවුන්ගේ කඩුලු 6ක් දැවී යාම කැපී පෙනුණා. කෙසේ වෙතත්, පන්දුවාර 13.4 ක් අවසානයේ දී කඩුලු 6 ක් දැවී සිටියදී බැංගලූරු කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

ඩු ප්ලෙසිස් පන්දු 23 කින් ලකුණු 64 ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 10 ක් සමගින්. කෝලි පන්දු 27 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 42 ක්. ලකුණු 117 දී කඩුලු හයක් දැවී යාමෙන් පසුව දිනේෂ් කාර්තික් නොදැවී ලකුණු 21(12) ක් හා ස්වප්නිල් සිං නොදැවී ලකුණු 15(9) ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය වෙත රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ජොෂ් ලිට්ල් ලකුණු 45 කට කඩුලු 4 ක් දවා ගත් අතර, නූර් අහ්මඩ් ලකුණු 23 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ටයිටන්ස් කණ්ඩායම පළමු පන්දුවාර 6 හෙවත් පවර්ප්ලේ අවස්ථාව නිමා වන විට ලබා සිටියේ කඩුලු 3 ක් දැවී ලකුණු 23 ක් පමණයි. එය මෙවර තරගාවලියේ දී කණ්ඩායමක් පවර්ප්ලේ අවස්ථාවේ දී රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාවයි.

කෙසේ වෙතත්, ශාරුක් ඛාන් ලකුණු 37(24) ක්, රාහුල් තෙවාටියා ලකුණු 35(21) ක් හා ඩේවිඩ් මිලර් ලකුණු 30(20) ක් රැස් කරමින් ටයිටන්ස් ඉනිම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී මොහමඩ් සිරාජ්, යශ් දයාල් හා විජයිකුමාර් විෂාක් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

[wpdatatable id=6]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...