“මගේ ක්‍රිකට් ජීවිතයේ දී දෝනි මගේ පියාගේ චරිතය රඟපානවා” : මතීෂ පතිරණ

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි සිය ක්‍රිකට් දිවියේ දී පියෙකුගේ භූමිකාව රග දක්වන බව ශ්‍රී ලංකා හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පවසනවා.

දෝනි ලබා දෙන සුළු උපදෙස් තමාට විශාල විශ්වාසයක් ලබා දෙන බවයි 21 හැවිරිදි පතිරණ සදහන් කළේ.

2022 වසරේ දී අයි.පී.එල් වරම් දිනා ගත් මතීෂ පතිරණ මේ වන විට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු මෙන්ම තරග දිනවන්නෙකු බවට පත්ව අවසන්.

2023 අයි.පී.එල් තරගාවලියේ ද ශූරතාවය දිනා ගැනීම සදහා චෙන්නායි කණ්ඩායමට ඔහුගෙන් සුවිශේෂී දායකත්වයක් හිමි වුණා.

මගේ පියාගෙන් පසුව, මගේ ක්‍රිකට් ජීවිතයේ බොහෝ විට ඔහු (දෝනි) මගේ පියාගේ චරිතය රඟපානවා. එයා හැමවෙලේම මාව බලාගන්නවා, ඒ වගේම මම කළ යුතු දේ ගැන උපදෙස් ලබා දෙනවා. එය මම මගේ නිවසේ සිටින විට මගේ පියා කරන දේට සමාන දෙයක්.” යනුවෙන් මතීෂ පතිරණ සදහන් කළා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ YouTube නාලිකාව ඔස්සේ Lions up close වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් දක්වා සිටියා.

මම හිතන්නේ ඒ ඇති. මම පිටියේ ඉන්න විට සහ පිටියෙන් බැහැරව ඉන්න විට එයා ගොඩක් දේවල් කියන්නේ නැහැ. එයා මට පොඩි දේවල් කියන්නේ, නමුත් එය විශාල වෙනසක් ඇති කරනවා. එය මට විශාල විශ්වාසයක් ඇති කරනවා.

“පිටියෙන් එළියෙ අපි වැඩිය කතා කරන්නේ නැහැ. මට ඔහුගෙන් යමක් ඇසීමට සිදුවුවහොත්, මම අනිවාර්යයෙන්ම ඔහු ළගට ගොස් එය ඔහුගෙන් අහනවා.”

මතීෂ පතිරණ මෙවර අයි.පී.එල් අදියරේ දී මේ දක්වා තරග 6කදී කඩුලු 13 ක් දවා ගැනීමට සමත්ව සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...