පන්දු යවන්නන් හා ටන්සිඩ් හසාන් බංග්ලාදේශයට කඩුලු අටක ජයක් ගෙනෙයි

Date:

පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු අටක ජයක් වාර්තා කරමින් තරග 5කින් යුත් විස්සයි 20 තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ(3) පස්වරුවේ සමත් වුණා.

Chattogram හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබවේ කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 20 තුළ ලකුණු 124 කට දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 15.2 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

බංග්ලාදේශ ඉනිමට අවස්ථා දෙකකදී වර්ෂාවෙන් බාධා එල්ල වූ නමුත්, මෙම තරගයේ දී විස්සයි 20 ජාත්‍යන්තර වරම් දිනූ ආරම්භක පිතිකරු ටන්සිඩ් හසාන් නොදැවී ලකුණු 67 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු 47 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 8ක් ඇතුළත්. තව්හිද් හ්රිදෝයි නොදැවී ලකුණු 33 ක් රැස් කළේ පන්දු 18 කින්. නජ්මුල් හොසේන් ශන්තෝ ලකුණු 21 යි. ලිටොන් දාස් එක් ලකුණකට දැවී ගියා.

පන්දු යැවීමේ දී බ්ලෙසින්ග් මුසරබානි හා ලුක් ජොන්ග්වේ කඩුල්ල බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 43(39) ක් රැස් කළ ක්ලයිව් මැඩැන්ඩේ. වෙලින්ටන් මසකඩ්සා ලකුණු 34 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ් ලකුණු 14 කට කඩුලු 3 ක් හා මොහමඩ් සයිෆුදීන් ලකුණු 15 කට කඩුලු 3 ක් බිද හෙලුවා. මහෙදි හසාන් කඩුලු 2ක් දවා ගත්තේ ලකුණු 16 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...