තරග දෙකක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකා A කණ්ඩායම තරගාවලිය ජය ගනියි

Date:

සංචාරක ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා A කණ්ඩායම ඊයේ(3) පස්වරුවේ සමත් වුණා.

හම්බන්තොට පැවැති එම තරගයෙන් ලැබූ ජයත් සමග ශ්‍රී ලංකාව මේ වන විට තරග 3-0 ක් ලෙස තරග 5කින් යුත් එක්දින තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය පන්දුවාර 41.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 185 ක් පමණයි.

Zia-ur-Rehman ලකුණු 36 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී මොහමඩ් ශිරාස් ලකුණු 31 කට කඩුලු 3 ක් දවා ගත්තා. සොනාල් දිනූෂ හා දුෂාන් හේමන්ත අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 37.3 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

පසිදු සූරියබණ්ඩාර නොදැවී ලකුණු 84 ක් ලබා ගත් අතර, සොනාල් දිනූෂ ලකුණු 35 යි. නිශාන් මදුෂ්ක ලකුණු 20 කටත්, ලහිරු උදාර ලකුණු හතරකටත්, කමිල් මිෂාර ලකුණු හයකටත් දැවී ගියා. පවන් රත්නායක ලකුණු 13 යි.

පන්දු යැවීමේ දී Mohammad Saleem ලකුණු 32 කට කඩුලු 3 ක් දවා ගත් අතර, Bilal Sami ලකුණු 43 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...